සාදු...!!!සාදු...!!!සාදු...!!!

සාදු...!!!සාදු...!!!සාදු...!!!

සාදු...!!!සාදු...!!!සාදු...!!!

Tuesday, April 7, 2015

කිරි අම්මා දානය 2015

ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ වාර්ෂිකව සිදු කරනු ලබන කිරි අම්මා දානය ගිය ඉරු දින (05) ඉතාමත්ම ගෞරවයෙන් සිදුකෙරුණි. ඒ සදහා අවවාද අනුශාසනා විහාරාධිකාරී මොරවින්නේ විජිත ලොකු හාමුදුරුවන්ගෙන් ලැබුණු අතර විහාරාධිපති පානදුරේ විජිතනන්ද නා හිමියන්ගේ ආශිර්වාදය ද ලැබුනහ. විහාරස්ථානයටත්, ප්‍රදේශවාසී, ලෝකවාසී සියලු මිනිසුන්ට ආශිර්වාද කර දෙවියන්ට පින් දී පිංකම අවසන් කරන ලදී. 

Sunday, February 8, 2015

පින සහ කුසලය දෙකක් ද? එකක් ද?

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

පින සහ කුසලය පිළිබඳ මෑත කාලයේ බොහෝ ගිහි පැවිදි උභය පාර්ශව අතර වාද විවාදයන් සහ තර්ක විතර්කයන් ට නැගි මාතෘකාවකි. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ත්‍රිවිධාකාරයෙන් පාරමිතා පුරා සම්‍යක් සම්බුද්ධත්වය ට පත් අප තිලෝගුරු අමාමෑනී ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසක් මුළුල්ලේ මැනවින් දේශනා කළ උතුම් නෛර්යාණික ශ්‍රී සද්ධර්මයේ ගැඹුර වැඩි නිසා දෝ අදවන විට ඇතැම් නුවණ දුබල විවිධ උදවිය ට එය වැටහෙන්නේ වැරදි ආකාරයෙනි. ධර්මය සහ අධර්මය තේරුම් ගත නො හැකි ව සරු නිසරු දෙය වෙන් ව දැකිය නො හැකි ව ඔවුන් අන්‍යයන් ද, ඔවුන් ගේ මතයන් කරා ඒකරාශී කරගැනීම අද බොහෝසෙයින් දක්නා ලැබීම සමස්ත බෞද්ධ ජනයා ට ම ඛේදවාචකයකි.

Thursday, October 16, 2014

අභිනවයෙන් ඉදිකෙරනු ලැබූ බෝධි ඝරය සහ අටවිසි බුද්ධ මන්දිර විවුර්ථ කරනලදී...



අප ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද බෝධි ඝරය සහ අටවිසි බෝධි මන්දිර අති ගෞරණිය අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ඝමහා පණ්ඩිත දවුල්දෙණ Ganissara මහා නා හිමියන්ගේ පින්බර සුරතින් පසුගිය 05 වන ඉරු දින සවස 5.00 ට පමණ විවුර්ථ කරන ලදී. මේ සදහා විහාරාධිපති පුජ්‍යපාද පානදුරේ විජිතනන්ද නා හිමි, මහාචාර්ය කහපොල සුගතරතන අනු නායක නාහිමි ඇතුළු ප්‍රදේශයේ මහා සගරුවන සහ

Thursday, June 20, 2013

දහ අට රියන් බුද්ධ ප්‍රතිමාව විවෘත කිරීම


පානදුර උතුරු වලාණේ පිහිටි ශ්‍රි විජයාරාම විහාරස්ථානයේ මෙම මස 9 වන දින දර්ශනීය දහඅට රියන් විතර්ක මුද්‍රාව සහිත බුද්ධ ප්‍රතිමාවක් විවෘත කෙරිණී. මෙම දර්ශනීය බුදු පිළිමය අතිගෞරවනීය පානදුරේ විජිතනන්ද නා හිමියන්ගේ සහ අතිගෞරවනීය මොරවින්නේ විජිත හිමියන්ගේ අවවාද අනුශාසනා අනූව නිර්මාණය කල මෙම බුදු පිලිම වහන්සේ මහජන පුද පූජාවන්ට විවෘත කරන ලද්දේ අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණසාර මහා නා හිමි පාණන් විසිනි. පසු දින ශතාධික මහ සගරුවනට දානයක් ද උත්කර්ශවත් අන්දමින් සිද්ධ වුණි.

Social Icons

Social Icons

.

Featured Posts