නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
පින සහ කුසලය පිළිබඳ මෑත කාලයේ බොහෝ ගිහි පැවිදි උභය පාර්ශව අතර වාද විවාදයන් සහ තර්ක විතර්කයන් ට නැගි මාතෘකාවකි. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ත්‍රිවිධාකාරයෙන් පාරමිතා පුරා සම්‍යක් සම්බුද්ධත්වය ට පත් අප තිලෝගුරු අමාමෑනී ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසක් මුළුල්ලේ මැනවින් දේශනා කළ උතුම් නෛර්යාණික ශ්‍රී සද්ධර්මයේ ගැඹුර වැඩි නිසා දෝ අදවන විට ඇතැම් නුවණ දුබල විවිධ උදවිය ට එය වැටහෙන්නේ වැරදි ආකාරයෙනි. ධර්මය සහ අධර්මය තේරුම් ගත නො හැකි ව සරු නිසරු දෙය වෙන් ව දැකිය නො හැකි ව ඔවුන් අන්‍යයන් ද, ඔවුන් ගේ මතයන් කරා ඒකරාශී කරගැනීම අද බොහෝසෙයින් දක්නා ලැබීම සමස්ත බෞද්ධ ජනයා ට ම ඛේදවාචකයකි.