Tuesday, April 7, 2015

කිරි අම්මා දානය 2015

ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ වාර්ෂිකව සිදු කරනු ලබන කිරි අම්මා දානය ගිය ඉරු දින (05) ඉතාමත්ම ගෞරවයෙන් සිදුකෙරුණි. ඒ සදහා අවවාද අනුශාසනා විහාරාධිකාරී මොරවින්නේ විජිත ලොකු හාමුදුරුවන්ගෙන් ලැබුණු අතර විහාරාධිපති පානදුරේ විජිතනන්ද නා හිමියන්ගේ ආශිර්වාදය ද ලැබුනහ. විහාරස්ථානයටත්, ප්‍රදේශවාසී, ලෝකවාසී සියලු මිනිසුන්ට ආශිර්වාද කර දෙවියන්ට පින් දී පිංකම අවසන් කරන ලදී. 

Sunday, February 8, 2015

පින සහ කුසලය දෙකක් ද? එකක් ද?

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

පින සහ කුසලය පිළිබඳ මෑත කාලයේ බොහෝ ගිහි පැවිදි උභය පාර්ශව අතර වාද විවාදයන් සහ තර්ක විතර්කයන් ට නැගි මාතෘකාවකි. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ත්‍රිවිධාකාරයෙන් පාරමිතා පුරා සම්‍යක් සම්බුද්ධත්වය ට පත් අප තිලෝගුරු අමාමෑනී ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසක් මුළුල්ලේ මැනවින් දේශනා කළ උතුම් නෛර්යාණික ශ්‍රී සද්ධර්මයේ ගැඹුර වැඩි නිසා දෝ අදවන විට ඇතැම් නුවණ දුබල විවිධ උදවිය ට එය වැටහෙන්නේ වැරදි ආකාරයෙනි. ධර්මය සහ අධර්මය තේරුම් ගත නො හැකි ව සරු නිසරු දෙය වෙන් ව දැකිය නො හැකි ව ඔවුන් අන්‍යයන් ද, ඔවුන් ගේ මතයන් කරා ඒකරාශී කරගැනීම අද බොහෝසෙයින් දක්නා ලැබීම සමස්ත බෞද්ධ ජනයා ට ම ඛේදවාචකයකි.

Social Icons

Social Icons

.

Featured Posts